by Admin
05 Apr, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක්:-10:
සත්‍යාවබෝධයට පියගැට පෙලක්:-10: පළමුව සාමය දෙවනුව මෛත්‍රිය:-බුදදහම පරම අවිහිංසාවාදී දහමක් ලෙස ප්‍රකාශ කිරීම වැදි බණකි. පරම අවිහිංසාවාදය ජෛන මහාවීරගේ ඉගැන්වීමකි.
ත්‍රිපිටකය අනුව බුදුදහම පරම අවිහිංසාවාදයක් නොවේ.
ජාතක පාළියෙහි එන පරිදි ‘ දුෂ්ඨයා පරාක්‍රමයෙන් පැරදවිය යුතුය.’
සත්‍යාවබෝධයට පියගැට පෙලක්:-10: පළමුව සාමය දෙවනුව මෛත්‍රිය:-බුදදහම පරම අවිහිංසාවාදී දහමක් ලෙස ප්‍රකාශ කිරීම වැදි බණකි. පරම අවිහිංසාවාදය ජෛන මහාවීරගේ ඉගැන්වීමකි.
ත්‍රිපිටකය අනුව බුදුදහම පරම අවිහිංසාවාදයක් නොවේ.
ජාතක පාළියෙහි එන පරිදි ‘ දුෂ්ඨයා පරාක්‍රමයෙන් පැරදවිය යුතුය.’
බෝසතාණන් වහන්සේ දඹදිව රජ පවුලක ඉපිද සිය සහෝදරියත් සහෝදරයාත් සමග එක්ව මහා සංග්‍රාමයක් කර දඹදිව අන් සියලු රජවරුන් නසා ඉනික්බිතිව දැහැමි පාලනයක් කර ගෙන ගිය බව ත්‍රිපිටකයේ සදහන්ය.
වර්තමානයේ බෞද්ධයන් නොයෙකුත් කෙණෙහිලිකම් ප්රචණ්ඩ ක්‍රියා වලට ලක්ව බියසුලු ලෙස ජීවත් වෙතත් ශාඛ්‍ය වංශික රණශූරයෙකු වන බුදුන් වහන්සේ එබදු බියසුලු ප්‍රතිපත්තීන්ට අප යටත් කර නැත.
බෞද්ධයන් වන අප අපගේ පැවැත්මට එරෙහිව නැගී සිටින කවර හෝ ප්‍රතිවාදී බලවේගයකට නොදෙවෙනි විය යුතුය. ප්‍රතිවාදීන් අප දෙස හැරී බැලීමටවත් බිය වන තරමට බල පරාක්‍රමයක් ඇති කර ගත යුතුය. සියලු සත්වයන්ට මෙත් සිත පැතිරවිය හැක්කේ එබදු ශක්තිමත් පදනමක සිටය. නොඑසේ විට, අපේ මෛත්‍රිය යනු බියගුලු කමේම දර්පණ ප්රතිබිම්බයකි.
කැනහිලුන් රෑනකට මැදිවුන සිංහයෙකු ස්වකීය තේජස විදහා පාන්නාක් සේම බෞද්ධයන්ද තම ජීවත්වීමේ අයිතිය නැති කරන බලවේග ඉදිරිපිට තම ආත්මාරක්ෂාවට ක්‍රියා කළ යුතුය.
විනය පිටකය අනුවද තම ආත්මාරක්ෂාවට අනෙකෙකුට කරන හිංසාව වරදක් නොවේ.
ආත්මාරක්ෂාව පිණිස අන්‍යයෙකුට හිංසා නොකරනුයේ රහතන් වහන්සේ කෙනෙකුම පමණි යන්න ත්‍රිපිටකය කියවා බැලූ අය හොදින් දනිති.
නාරද තාපසයා නාගයාට කියා සිටි අයුරින් නයෙකු තම ප්රචණ්ඩත්වය අත්හැර දැමුවොත් දර මිටියට තබා බැදගෙන යාමට මිනිස්සු පසුබට නොවෙති.
බුදුසසුනට වැඩිම ආලෝකයක් ගෙන ආ ධර්මාශෝක රජු ස්වකීය සතුරන් පැරදවූයේ නැති නම් අද බුදු සසුනක් නැත.
දුටුගැමුණු රජු අභීතව සටනෙහි යෙදී එළාර රජු පරසක්වල ගැසීය. ගරුතර සංඝරත්නය විසින් අටවන ලද උගුලක් හේතුවෙන් වත්හිමි රජු ජීවිතක්ෂයට පත්විය. වළගම් අබා රජු- මහසෙන් රජු සිය ප්‍රතිවාදීන් අනුකම්පා විරහිතව මර්දනය කර බුදුසසුන රැක ගත්තේය.
ඔබද මාද සතුරන්ට මෙත්සිත පතුරුවනුයේ පෙර විසූ රජදරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ලෙයින් දහඩියෙන් තනන ලද නිදහස් නිවහල් භූමියෙහි සිටය.
පලමුව දිවිහිමියෙන් සටන් කොට බුදුසසුන රැකගත යුත්තේය.
බුදුසසුන බිද වැටුනොත් මෛත්‍රිය පැතිරවීමටවත් නිදහස නැති වනු ඇත.
පලමුව සතුරන් පරදවන්න.
දෙවැනුව මෙත්සිත පතුරවන්න.
දිගුකල් පවත්නා සාමයේ රහස එයයි.
තවද ඔබ සතුරා ළග දණගසා සිටියදී පතුරුවන මෛත්‍රියෙහි වටිනාකමෙක් නැත.
මෛත්‍රියෙහි සැබෑ වටිනාකම ඇත්තේ සතුරා ඔබ ළග දණගස්වන ලද විටදීය.
සතුරන් පරදවන්න.
ඔවුන් ඔබ ළග දණගස්වන්න.
එකල්හි ඔබ පතුරුවන මෛත්‍රිය සතුරාගේ පමණක් නොව සතුරු කැළගේම පපු කැනැත්තට පහසුවෙන් කිදා බසිනු ඇත.
ඔබ සතුරා ළග
දණ ගසා පතුරුවන මෛත්‍රිය සුළගේ ගසාගෙන යනු ඇත.
මේ කියන අදහස් ගැන අබමල් රේණුවක තරම් හෝ සැකයක් ඇත්නම් සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායේ අපදාන පාළියේ කකුසද බුද්ධාපදාන කොටස කියවන්න.
මුලු මහත් බෞද්ධ සමාජයටම හිරිහැරයක්ව සිටි දුසී මාරයා කකුසද බුදුන් විසින් පරසක්වල
ගැසූ අයුරු එහි සවිස්තරව සදහන්ය.
එබැවින් බලවන්කයාගේ මෛත්‍රියම උසස්ය. නිර්බලයාගේ මෛත්‍රිය හීන වූවකි.
Nilantha Hettige