Working: 8.00am - 5.00pm
සත්‍යාවබෝධයට පියගැට පෙළක් 11- අද කාලෙ මහණකම- ඒ කියන්නෙ සද්ධර්ම අන්තර්දානය පිටතින් වෙන එකක් නොවෙයි. ඊට ඉස්සෙල්ලා ඇතුලෙන්ම සද්ධර්ම අන්තර්දානය සිදුවෙනව. මම කියන දේ බොරු නම් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය කියවල බලන්න. ඒකෙ තියෙනව මේ කතාව. සද්ධර්මය අන්තර්දාන වෙන්නෙ ඇතුලෙන්ම එන බොරු බේගල් සමාදන් වීම තුලින්. ඒ නිසා අන්‍ය ලබ්ධිකයන්ට වඩා හානියක් සද්ධර්මය ඕනෑ ඕනෑ විදියට වෙනස් කරන අය අතින් සිදු වෙනව.
සත්‍යාවබෝධයට පියගැට පෙළක් 11- අද කාලෙ මහණකම- මේ වගේ දේවල් ගැන කතා කරන්න එපා කියල මට මගේ හිතවතුන් කොතෙකුත් මතක් කරනව. මේ පිටුව කියවන කෙනෙක් කලකට ඉහතදි මාව මුණගැහෙන්න ඇවිත් කියනව, ඇත්ත වුනත් ජීවිතයට අනතුරක් වෙන්න පුලුවන් දේවල් ගැන කතා කරන්න එපා කියල. මම ඔහුගෙ අවවාදය පිලිනොගෙන එක දිගට ඇත්ත කතා කළා. එහෙම කරන්න ගිහින් අන්තිමට වුනේ 2024-01-01 දින පොලිස් කණ්ඩායම් තුනක් ඇවිත් මගේ කාර්යාලය වටලපු එක. අන්තිමේ බලාපුවම කවුද දීපු අණ්ඩරයක්. ඒ මිනිස්සු මගනේ ප්‍රකාශ තුනක් අරගෙන යන්න ගියා. මගෙන් ඇහුවෙ අපරාධ ගැන නොවේ. බෝධිසත්ව ඇදහිලි ගැන. බෝධිසත්වයො ගැන කතා කරන්න ගිහින් තවපොඩ්ඩෙන් මම ඇතුලේ.
කමක් නෑ. අදත් මම කතා කරන්නෙ අතිශය සංවේදී මාතෘකාවක් ගැන. ඒ තමයි අදකාලෙ මහණකම ගැන. ඇත්තටම බුද්ධකාලෙ මහණවූ පිරිස් බොහොමයක් නිශ්චිත ඉලක්කයක් වෙත ළගා වෙන්න උත්සාහ කළා. ඒ තමයි මාර්ගපල සංඛ්‍යාත නිවන. ඒ වගේම මහණදම් පුරලා නොයෙකුත් ප්‍රතිපල ලබාගත් සෑහෙන පිරිසක් ඒ කාලෙ වාසය කළා.
අදකාලෙ මහණකම ඊට වෙනස්. අද මහණකම තුලින් සමාජ මට්ටමක් නැත්නම් පංතියක් තුලට ඇතුලුවීම හැරුණ කොට ලොකු ලොකු බලාපොරොත්තු ඇති කරගන්න බෑ. මාර්ගපල සහ නිවන වෙත යොමු වෙලා කටයුතු කරන්නෙ ඉතාම අතලොස්සක පිරිසක් විතරයි. ඒ පිරිසගෙ උත්සාහය මම අගය කරනව. මම අද කතා කරන්නෙ ඒ පිරිසට අයත් නැති ශ්රමණයන් ගැන.
මහණකම තුලින් නිරායාසයෙන්ම සමාජ පිලිගැනීමක් ඇතිවෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ සෝෂල් වැලිඩේෂන් කියල. ඒ පිලිගැනීම බොහෝවිට තමන්ගෙ ආධ්‍යාත්මික ඉලක්ක වලට හරහට හිටිනව. ඊට හේතුව මහණකමේ සිටින විට අන්‍යයන්ගෙන් ගරු බුහුමන් බලාපොරත්තු වන ස්වභාවයක් තියෙනව. මේකට මනෝවිද්යාවෙ කියන්නෙ සීකිං වැලිඩේෂන් ෆ්‍රොම් අදර්ස් කියල. ඒ මානසික තත්වය ඇතිවුනාම තමන්ගෙ හිතේ මෙතෙක් නොතිබූ මානයක් උපදිනව.
බුදුන්වහන්සෙ එබදු තත්වයන් විස්තර කරන්නෙ අනුසය ධර්ම හැටියට. අනඅසය කියන්නෙ හිතේ යටපත්ව තිබූ කෙළෙස්. වෙලාව ආවම ඒවා ඉදිරිපත් වෙලා හිත කිළිටි වෙනව. අනුසය ගැන පැහැදිළි අවබෝධයකින් තොරව ධර්ම මාර්ගයේ ඉහලට ගමන් කිරීම අති දුෂ්කරයි. ඒකට හේතුව අනුසය ගැන නොදන්නා පුද්ගලයා නිරන්තර රැවටීම් වලට භාජනය වෙනව. බොහෝ විට තමනුත් රැවටිලා අනුනුත් රවටන්න ගන්නවා. අද කාලයේ සත්‍යාවබෝධය ලබපු බවට පාරම්බාන බොහෝ පිරිස් පත්වෙල ඉන්නෙ බුදුන්වහන්සේ දේශනා කළ අර්හත් පලයට නෙවෙයි. එයාල ජීවත් වෙන්නෙ තමන් හදාගත්ත මනෝරාජ්‍යයන් තුල.
අද බොද්ධයන්ගෙන් අති බහුතරයක් ජීවත් වෙන්නෙ ස්වයං මෝහනයට ලක්වෙල. ඒ කියන්නෙ අර ඊනියා මනෝරාජ්යන්හි රජකමට පත්වූ අය වටා රැස්වෙල ඔවුන් කියන ඕන දෙයක් පිළිගනිමින්.
ඒ තත්වය බුදුසසුනෙ පැවත්මට බරපතල බාධාවක් බවට පත්වෙල අවසන්. තව අවුරුදු දහයක් නැත්නම් පහලොවක් යන කොට ත්‍රිපිටකය පිලිගන්නා පිරිස අවසන් වෙලා අර විකාර කියවන සෙට් එකේ ගෝල පරම්පරාවන් විතරයි ඉතුරු වෙන්නෙ. ඒ කියන්නෙ සද්ධර්ම අන්තර්දානය පිටතින් වෙන එකක් නොවෙයි. ඊට ඉස්සෙල්ලා ඇතුලෙන්ම සද්ධර්ම අන්තර්දානය සිදුවෙනව. මම කියන දේ බොරු නම් සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය කියවල බලන්න. ඒකෙ තියෙනව මේ කතාව. සද්ධර්මය අන්තර්දාන වෙන්නෙ ඇතුලෙන්ම එන බොරු බේගල් සමාදන් වීම තුලින්.
ඒ නිසා අන්‍ය ලබ්ධිකයන්ට වඩා හානියක් සද්ධර්මය ඕනෑ ඕනෑ විදියට වෙනස් කරන අය අතින් සිදු වෙනව.
Nilantha Hettige
Sadaham Sarana - Copyright . All rights reserved.