by Admin
09 Apr, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 14:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 14:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 14:
බේයසියානු ක්‍රමවේදය:- 17 වන සියවසේ විසූ තෝමස් බේයස් පියතුමා සම්භාවිතාව පිලිබද අපූරු රහසක් පොතක ලියල පොත වහල තිබ්බා. බේයස්ගේ මරණින් වසර දෙකකට පසු ඔහුගේ අපූරු නියමය ප්‍රසිද්ධියට පත් වුනා. අද එය ලෝක ඉතිහාසයේ වැදගත්ම ගණිතමය සොයාගැනීම් 20 අතරට එක් වෙලා අවසන්. ඒ කියන්නෙ පයිතගරස් ප්‍රමේය තරමට බේයස් තියරම් එක අපට වැදගත් වෙනව.
අපි දැන් ගණිතය සහ සංඛ්‍යාන විද්‍යාව ගැන අමතක කරල බේයස් තියරම් එකට සරල ප්රවෙශයක් ගනිමු. ඒකෙන් කියන්නෙ, අපට පැරණි තොරතුරු තියෙනව නම් ඒ පැරණි තොරතුරු මත අලුත් පර්යේෂණයේ නිරවද්‍යතාවය ගුණාත්මක
ලෙස වැඩි දියුණු කරන්න පුලුවන් කියල.
අපි ඒක අපේ ඇදහිලි ක්‍රමයට ආදේශ කලොත්, අපේ මුතුන් මිත්තො ඔක්කොම මේ ඇදහිලි ක්‍රම අනුගමනය කරල කෙළව ගත්ත නම්, අපටත් කෙළවෙග යනව කියන එකට ඉරත් හදත්
දෙකම සාක්කි.
අපි අපේ ආගමික ඇදහිලි වලින් මෙතෙක් කල් මොනවද කර ගත්තෙ? කරගත්ත ඉටිගෙඩියක් නෑ නෙ?
ඒ කියන්නෙ අපට කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නෑ.
ලව්ඩ්ස්පීකර දාහක් එක පාරට දාලා දේවතාරාදනාව කලත් අපිව රැකගන්න දෙවියෙක් නෑ.
ඔයටික ඔලුගෙඩිවලින් තේරුම් ගන්න බැරි නම් තමන් ලබපු පාසල් අධ්‍යාපනයෙන් වැඩකුත් නෑ.
ඔබ අපි සියලු දෙනාම සුද්දන්ගෙ ඕනෑ එපාකම් පිරිමහ ගන්න හදපු පුස් ඌරො ටිකක් විතරයි.
හැබෑ දියුණුවක් ලබන්න නම් අපි පුස් ඌරො ටික සේරම “මිථ්‍යා ඇදහිලි සහ ගතානුගතිකත්වය” නම් වූ කොරටුවේ වැටවල් කඩාගෙන එලියට පනින්න ඕනමයි.