by Admin
09 Apr, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක්15:
සත්‍යාවබෝධයට පියගැට පෙලක්15:- සියලු ආගම් පිලිබද තිත්ත ඇත්ත:-ලෝකය පුරා ආගම් 4000 ක් පමණ විසිරී පවතිනව. ඒ හැම ආගමකම අනුව තමන්ගෙ ආගම හරි. අනිත් ආගම් වැරදියි.ඕක වෙන්නත් පුලුවන් දෙයක්ද?
සත්‍යාවබෝධයට පියගැට පෙලක්15:-
සියලු ආගම් පිලිබද තිත්ත ඇත්ත:-ලෝකය පුරා ආගම් 4000 ක් පමණ විසිරී පවතිනව. ඒ හැම ආගමකම අනුව තමන්ගෙ ආගම හරි. අනිත් ආගම් වැරදියි.
ඕක වෙන්නත් පුලුවන් දෙයක්ද?
ආගම් කර්තෘවරුන්ගෙ ජීවිත කතා කියෙව්වම පොදු ලක්ෂණ ගාණක් පේනව.
තමන් කියන දේ හරි. අන්‍යයන් කොන්දේසි විරහිතව තමන් අනුගමනය කරන්න ඕන.
තමන්ගෙ ඉගැන්වීම් අනුගමනය නොකරන අය පව් කාරයො තමන්ගෙ වැරදි පෙන්වන එක ඉවසන්න බෑ.
ඒ වගේම ආගම් කර්තෘවරු උපදෙස් තොරතුරු ලබන්නෙ අද්භූත බලවේග වලින්.
ආගම් කර්තෘ වරු හිතාගන්න බැරි තරම් අභාග්‍ය ලෙස සම්පන්න මරණයට පත් වෙල තියෙන්නෙ. ඒ කියන්නෙ, තමන් දේශනා කරපු තරම් බලසම්පන්න තමන් තුල නෑ.
එක්තරා ආගම් කර්තෘවරයෙකු “ස්ත්‍රී දූෂණයක් දෙස බලා සිට ස්වයං මෛථුනයේ යෙදුන බවටත් පසුව පොරවක් ගෙන… “
බවටත් ආගමික ග්‍රන්ථයක සදහන් වෙනව. ඉතුරු ටික ලියන්න බැරි තරම් සාහසිකයි.
නූතන මනෝවිද්‍යාවේ එන ස්කිත්සොප්රේනියා, පැරනෝයා සහ NPD රෝග ලක්ෂණ ආගමික නායකයන්ගේ චරිත තුලින් මොනවට විද්‍යමාන වෙනව.
විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් වන්නෙ NPD රෝග ලක්ෂණ ආගමික සහ දේශපාලන නායකත්වය සමග තදින් බැදිල තියෙනව කියන එක. ඒ කියන්නෙ “ හැමෝම වැඩ කරන්න ඕන මං කියන විදියට” කියන මානසිකත්වය.
ඒ වගේම තමයි මුලුමහත් මිනිස් සමාජයම Social Narcissism නම් මනෝභාවයෙන් පිරි “ තක්කඩින්” පිරිසක් විසින් හසුරුවන එක.
ලමයෙක් තමන්ගෙ දෙමව්පියන්ගෙ ඕන ඔලමොට්ටල උපදෙසක් පිලිගන්නව නම් ඒ දරුවා කීකරු දරුවෙක්.
සමාජය තුලත් එහෙමයි. සමාජය තුල අනුන්ගෙ පදයට නටන අය “ හොද මිනිසුන්” ලෙස වර්ග කෙරෙනව.
නිකමට හිතන්න ඔන්න ගෑනු කෙනෙක් තමන්ගෙ පෞද්ගලික වැඩ දහසක් තිබුණත් ඒ සියල්ල අත්හැරල තමන්ගෙ වයස්ගත දෙමාපියන්ගෙ දුකසැප බලාගෙන කැතකුණු අතගාගෙන ගෙදරට වෙල ඉන්නව.
අර දෙමාපියො දෙන්නම මැරිල යනව. අර ගැහැනු කෙනාට යන එන මං නැති වෙනව. ඒත් එයා “ආදර්ශමත් කාන්තාවක්”.
ඒ කියන්නෙ සමාජය ඇය පහසුවෙන්ම සෝෂල් මැනිපිලේෂන් වලින් සිරකර තබනව.
මම දකින විදියට ආගම-දේශපාලනය-සංස්කෘතිය-නීතිය-අධ්‍යාපනය-පීතෘ බලය කියන සාධක සියල්ල එක් වෙලා මුලු සමාජයම වැරදි පාරක දක්කගෙන යන්නෙ.
අපිට කොච්චර වැරදිලද කියනව නම් හරි දේ කියන මිනිහා පිස්සෙකු ලෙස වැටහෙන්නෙ.
කොටින්ම ඔය ආගමික ඉගැන්වීම් ඕච්චර බලගතු නම් ආගම් හදිසියේ බිද වැටෙන්න පුලුවන්ද? ආගම් කර්තෘවරුන් අවාසනාවන්ත ඉරණම් වලට ලක් වෙන්න පුලුවන්ද?
හැබැයි මම මෙහෙම දෙයක් දකිනව. ආගම් කියන්නෙ සත්‍යය-ජනප්‍රිය සංස්කෘතිය-,පෞද්ගලික මතවාද- දේශපාලන ඉලක්ක යන දේවල් වල ගෙත්තමක්. අපි කරන්න ඕන හැම ආගමක්ම පුලු පුලුවන් විදියට විශ්ලේෂණය කරල අපි ඉදිරිපිට තියෙන සාක්ෂිත් එක්ක ගලපලා වඩා පැහැදිලි ගමන් මාර්ගයක් විවෘත කර ගැනීම.
මම පිටසක්වල බුදුදහම නමින් ඉදිරිපත් කලේ පිරිසිදු බුදුදහමත් මහායානයත් වජ්රයානයත් අතරින් යන පැහැදිලි ගමන් මාර්ගයක්. මම අද වන විටත් ඒ ගමන් මාර්ගයෙ ඉදිරියට යමින් ඉන්නව.
මම හැකිතාක් දුරට “ බෝධිසත්ව චර්යාව” ප්‍රගුණ කරමින් ඉන්නව. මට දැන් දැනෙනව මගේ ආධ්‍යාත්මය තුලින් සැබෑ බෝධිසත්වයෙක් නිර්මාණය වෙමින් තියෙනව කියල. හැබැයි ඒ සමාජය බලාපොරොත්තු වෙන ආකාරයෙ නෝංජල් චරිතයක් නෙවෙයි. ටිකක් විතර නපුරු බෝධිසත්වයෙක්.