by Admin
27 Mar, 2026
සංවාදයට පණිවිඩයක්
සත්‍යාවබෝධයට පියගැට පෙලක් -2:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් -2:
අපි ජීවත් වෙන්නෙ මායාවක් හෙවත් illusion එකක් ඇතුලෙ. අපි මවාගත් සම්මතයන් සියල්ල නිර්මාණය වෙන්නෙ ඔය illusion එකට සාපේක්ෂව. ඒක තමයි අපේ ජීවිත පිලිබද තිත්ත ඇත්ත. ඔය මායාව හරියට තේරුම් ගත්ත තැන පටන් මානව ජීවිතයේ සෑම වටිනාකමක්ම අවලංගු වෙනව. ඒක තමයි සත්‍යාවබෝධයට යන ගමනෙ තමන්ට අත්දකින්ක වෙන භයානකම අකරතැබ්බය.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් -2:
අපි ජීවත් වෙන්නෙ මායාවක් හෙවත් illusion එකක් ඇතුලෙ. අපි මවාගත් සම්මතයන් සියල්ල නිර්මාණය වෙන්නෙ ඔය illusion එකට සාපේක්ෂව. ඒක තමයි අපේ ජීවිත පිලිබද තිත්ත ඇත්ත. ඔය මායාව හරියට තේරුම් ගත්ත තැන පටන් මානව ජීවිතයේ සෑම වටිනාකමක්ම අවලංගු වෙනව. ඒක තමයි සත්‍යාවබෝධයට යන ගමනෙ තමන්ට අත්දකින්ක වෙන භයානකම අකරතැබ්බය.
මම ඔය භයානක තත්වයට මුහුණ දෙමින් හොදටම තෙම්පරාදු වුන කෙනෙක්.
බෞද්ධ භාවනා දිගු කල් වැඩීම හේතුවෙන් ජීවිතය මායාවක්ය යන අවබෝධය මට පැහැදිලිව ඇති වුනා.
එතැන් පටන් මම අමුතුම වෙනස් මිනිහෙක් බවට පත් වුනා. කොච්චර වෙනසක් වුනාද කියතොත් මම සමාජයෙන් කොන්වෙන්න ආසන්න තත්වයකට පත් වුනා.
සමහර වෙලාවට මට මා ලගින් ඉන්න අය හිතන දේවල් දැනෙනව. සමහර වෙලාවට මිනිස්සු මා ළග නැති තැන බනින දේ මට ඇහෙනව. ඒ මිනිස්සු ඇවිත් මූනිච්චාවට පණ දෙන්න වගේ කතා කරන කොට මම පුදුම විදියට අපහසුතාවයට පත් වෙනව.
හොදට භාවනා කලොත් දවස් දෙකක් විතර ඉස්සරහට වන වැදගත් සිදුවීම් කල් තියා දැන ගන්න පුලුවන්. එහෙම දැනගත්තත් ඒ දේවල් වලක්වා ගන්න බෑ. ඒ විදියටම සිදු වෙනව.
බාගයක් වෙලාවට මම කලින් ආත්ම වල හිටපු හැටි කරපු දේ වගේ මතක් වෙනව. මගේ සමහර පොත් වල තියෙන කතන්දර ලිව්වෙ ඒ විදියට. මම ලියපු කතන්දර වලට අදාල චරිත සෘග්වේදය වගේ කෘතිවල
දකින කොට මට පුදුමත් හිතෙනව.
මෑතක් වන තුරු මට පුලුවන් කම තිබුනා මැරෙන අය උපදින තැන දැක ගන්න. එහෙම බලද්දි පෙනුන දෙයක් තමයි කොච්චර බන බාවනා කලත් අපේ අය වැඩිපුර උපදින්නෙ පෙරේත ලෝකෙ කියන එක.
මගේ පලමු ගෝල පරම්පරාවට අයිති කෙනෙකුට මට වඩා දක්ෂ විදියට දේවල් ගැන බලන්න පුලුවන් වුනා. එයා කිව්වා මැරිල තුසිත දෙව්ලොව යනව කියල. එයත් මැරිල පෙරේතයෙක් වෙල උපන්නෙ. කුණුගද ගහන පෙරේතයෙක්. හැමදාම මගෙ පස්සෙන් එන්න ගත්තා. බැරිම තැන එලව ගත්තෙ හොදවැයින් දෙකක් කියල. සංසාරය භයානකයි. සමහර විට දුකෙන් මිදෙන්න ලැබෙන අවසන් අවස්ථාව මේක වෙන්න පුලුවන්. ඒ වගේම දැනට යන භයානක යුද්ධය ගැන මම 2012 සිට නිශ්චිතව අනාවැකි කියල තියෙනව. මේ යුද්ධය අපි මතුපිටින් දකිනවට වඩා බොහෝ වෙනස් එකක්. ඒ කතාව පස්සෙ කියන්නම්.