by Admin
25 Mar, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
ලංකාවෙ මේ වන විට සෝවාන් පලලාභීන් දහස් ගණනක් ඉන්නව.2011 දි ලංකාවෙ රහතන් වහන්සෙල 30 දෙනෙක් විතර හිටියා.
සෝවාන් අය 12000 ක් විතර ලංකාවෙ ඉන්නව. 10. බුද්ධ ශාසනය තව වසර දෙසිය ගානක් තිස්සෙ ප්‍රචලිත වෙල ආපහු පහු බැහැල වසර 2500 කදි ශාසන අන්තර්ධානය වෙනව.
දැනට මේ ලෝකෙ තියෙන්නෙ පිරිසිදු සද්ධර්මය නෙවෙයි. නූල් බෝලයක් වගේ පටලවපු එකක්. පිරිසිදු සද්ධර්මය හරි සරලයි...
මම 1995 සිට 2011 තෙක් භාවනාව ප්‍රායෝගිකව පුහුණු කලා. ලංකාවෙ හිටපු දක්ෂතම ගුරුවරු දෙදෙනකු යටතෙ පුහුණු වෙන්න වාසනාව ලැබුණ.
සමහර දවස් වල එක දිගට පැය පහ විතර එක ඉරියව්වෙන් භාවනා කලා.
ඉති එතකොට සමාධිය හොදටම වැඩුනා. ඒ සමාධියෙන් දුටු දේ ගැන මට තරමක සැක ඇති වුනා. පුදුමයට වගේ භාවනාව දියුණු කල අය කවුරුත් මගේ අත්දැකීම් සමග එකග වුනා.
ගතවූ අනූ එක් කල්පෙ හිටි බුදුවරු හත් දෙනාගෙම යටතෙ මම භාවනා ප්‍රගුණ කල බව මම දැන ගත්ත.
මම භාවනාවෙන් දැක්කා කකුසද බුදු හාමුදුවන්ගෙ කාලා මම වඩපු කසිණ මණ්ඩලේ. හනිකට ඒ අනුව භාවනා කලා.
එතකොට මම අභිංඥා දියුණු කරල පාට දෙකක කසිණ මණ්ඩලයක් හැදුව. ඒක ප්‍රගුණ කලාම විශ්වයෙ ඈත ඉන්න සෘෂිවරුන් පවා දකින්න පුලුවන්. බණ අහන්නත් පුලුවන්.
එයාකාරයෙන් මට පුලුවන් වුනා භාවනා පොත් අසූ හතරක් ලියන්න.
කවද හරි මම මැරිල යයි. නමුත් මම භාවනාවෙන් සොයාගත් වටිනා දේ සත්පුරුෂයන් වෙනුවෙන් ඉතිරි කල යුතුයි. අන්න එහෙම හිතල තමයි මම මිනිසුන්ගෙන් නින්දා අපහාස විදිමින් සමහර දේ හෙලි කරන්නෙ.
කවද හරි මම නැති කාලෙක හරි මිනිස්සු තේරුම් ගනීවි මම කිව්වෙ ඇත්ත කියල.
ඒ වගේම සත්පුරුෂ පිරිස් දුක් වේවි අපොයි අපට මේ මනුස්සය ජීවත්ව සිටියදි ගොඩක් දේ දැන ගන්න බැරි වුනා කියල.
මම භාවනාවෙන් සොයා ගත් දේ හරිම පුදුම සහගතයි.
1. ලංකාවෙ මේ වන විට සෝවාන් පලලාභීන් දහස් ගණනක් ඉන්නව.
2. ඉන් වැඩි දෙනෙක් බුද්ධ කාලෙ සෝවාන් වුන අය.
3. සෝවාන් වෙන්න පින තියෙන තවමත් මාර්ගපල නොලබපු දාහක් විතර තමයි ඉන්නෙ.
4. ඒ වගේම මේ ආත්මෙ රහත් වෙන්න පින තියෙන එක්දහස් පන්සීයක් විතර ඉන්නව.
5. 2011 දිලංකාවෙ රහතන් වහන්සෙල 30 දෙනෙක් විතර හිටියා.
6. සෝවාන් අය 12000 ක් විතර ලංකාවෙ ඉන්නව.
7. ලංකාවෙ දැන් බොහොම තදින් බැහැගෙන බුද්ධාගම වැඩ කරන පිරිස වැඩි දෙනෙක් මෙතේ බුදුන් දැක නිවන් දකිනව.
8.මේ ලෝකෙ මහා බලසම්පන්න බෞද්ධ යෝගීන් 2011 දි පහලොවක් හිටිය.
9. නැවත මෙතේ බුදුන් පහලවෙන තුරු බෞද්ධයන්ට කිසිම පිලිසරණක් නෑ.
10. බුද්ධ ශාසනය තව වසර දෙසිය ගානක් තිස්සෙ ප්‍රචලිත වෙල ආපහු පහු බැහැල වසර 2500 කදි ශාසන අන්තර්ධානය වෙනව.
11. දැනට මේ ලෝකෙ තියෙන්නෙ පිරිසිදු සද්ධර්මය නෙවෙයි. නූල් බෝලයක් වගේ පටලවපු එකක්.
12. පිරිසිදු සද්ධර්මය හරි සරලයි.
13. රහතන් වහන්සේල හැර සියලු දෙනාම මාර දිව්‍ය පුත්‍රයන්ගෙ ග්‍රහණයට ලක් වීම නිතර වෙන දෙයක්.
14. ලංකාවෙ ඔය තියෙන ගොඩක් අමු විකාර වැඩ සටහන් වල තිරය පිටුපස ඉන්නෙ නිතරම රත්තරන් පුටුවක වාඩි වෙලා ඉන්න මාර දිව්‍ය පුත්‍රයා.
15. මේ රට සම්පූර්ණයෙන්ම තම ග්‍රහණයට ගන්න මාර දිව්‍ය පුත්‍රයා තීරණය කලේ 1970 දි විතර.
16. කොච්චර භාවනා කලත් ප්‍රතිපල නොලද හැකි විශාල පිරිසක් මෙරට ඉන්නව. ඒ අය විවිධ කාල වල ආර්යොපවාදය කරපු අය.
17. තමන් කලින් ආත්මෙ වඩපු භාවනා ක්‍රම තෝර ගත්තොත් ඉක්මන් දියුණුව ලැබෙනව.
18. දැන් මේ රටේ ආරක්ෂක දෙවිවරු නෑ. එයල තමන්ගෙ මෑතක සිට සිය ස්ථාන හැර ගිහින්. ඒ වෙනුවට මාර දිව්‍ය පුත්‍රයො සිය ගණනක් තමයි ලංකාව භාරව ඉන්නෙ.
19. මරණින් මතු ගොඩක් දෙනෙක් සතර අපායට යන්නෙ. 99% විතර.
20. කොච්චර පින් කලත් මැරෙන මොහොතෙදි ආවේගශීලීව මැරිල මිනිසුන් අපාගත වෙනව.
කැමති කෙනෙක් පිලිගන්න. අකමැති කෙනෙක් ඕන එකක් හිතා ගන්න.
නිලන්ත හෙට්ටිගේ .