by Admin
30 Mar, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 4:
“ලාම්පුව ගෙට ගේන්න”:-
දැනට වසර දහස් ගාණකට පෙර ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ සහස්රබුද්ධි නම් පඩිවරයෙක් ජීවත් වුනා. සහස්ර පඩිතුමා දිනක් හිතවතෙකුගේ නිවසට ගොඩවුනා.
එතැන ලොකු රණ්ඩුවක්. බිරිද සහ දරුවන් ගෙහිමියා සමග කලහ කරනවා. ගෙදර කිසි දියුණුවක් නැතිලු. හම්බ කරන දේට මොනව වෙනවද දන්නෙ නැතිලු.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 4:-
“ලාම්පුව ගෙට ගේන්න”:-
දැනට වසර දහස් ගාණකට පෙර ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ සහස්රබුද්ධි නම් පඩිවරයෙක් ජීවත් වුනා.
සහස්ර පඩිතුමා දිනක් හිතවතෙකුගේ නිවසට ගොඩවුනා.
එතැන ලොකු රණ්ඩුවක්. බිරිද සහ දරුවන් ගෙහිමියා සමග කලහ කරනවා. ගෙදර කිසි දියුණුවක් නැතිලු. හම්බ කරන දේට මොනව වෙනවද දන්නෙ නැතිලු.
ඒ කාලෙ අද වගේ ලයිට් තිබුණෙ නෑ. රෑට ගෙවල් ආලෝකමත් කලේ ලාම්පු වලින්.
“ මං ඔය ප්‍රශ්නෙ විසදන බලගතු ලාම්පුවක් ගෙනත් දෙන්නම්. හෙට රෑට කලුවරේ ඉන්න”
සහස්ර පඩිතුමා පොරොන්දු වූ විලස එදා රාත්‍රියේ පැමිණියේ ලාම්පුවක්ද අතැතිව. මුලු නිවසත් අවට පරිසරයත් ගණදුරේ ගිලී පැවතුනා.
හේ ලාම්පුව ගෙයින් පිටත ඔලිව් ගසක එල්ලා නිවස තුලට ඇතුලු වුනා.
නිවසේ ගනදුර එලෙසම තිබුණා. කුඩා ලාම්පුවේ ආලෝකය ගෙදර මිදුල එලිය කරන්නවත් ඇති වුනේ නෑ.
“ අර ලාම්පුව ගෙට ගේන්න” සහස්ර පඩිතුමා නිවැසියන්ට අණ කලා.
ලාම්පුව ගෙට ගැනීමත් සමග ගනදුර පහව ගියා. මුලු ගෙදරම ආලෝකමත් වුනා.
“ හම්බ කරන දේ වියදම් කරන්න ඕන මෙන්න මේ විදියට. ඉස්සෙල්ලා තමන්ගෙ පෞද්ගලික දේට වියදම් කරන්න. ඊලගට ගෙදර අය වෙනුවෙන් වියදම් කරන්න. රැකියාවෙ හෝ ව්‍යාපාර දියුණුවට වියදම් කරන්න. ඉතුරු වුනොත් විතරක් රටට පේන්න වියදම් කරන්න. ඉක්මනින් මුලු ගෙදරම ආලෝකමත් වේවි. ඒ ආලෝකය ක්‍රමයෙන් දසත පැතිරේවි.”
සහස්ර පඩිතුමා වසර කිහිපයකින් ඒ නිවසට ගියා. එතැන තිබුන නිවස වෙනුවට මහ මන්දිරයක් ඉදි කරල තිබුණා. ඒ වන විටත් නිවසේ හැමෝම මුදල් යහමින් හම්බු කරල කවුරුත් එකතු වෙල හොද තැනකට ඇවිත් හිටියෙ. සහස්ර පඩිතුමා ඒක දැකල ප්‍රීති වාක්‍යයක් කීවා.
“ පලමුව අභ්‍යන්තරය ආලෝකමත් කරන්න.
ඒ ආලෝකය ඉක්මනින් පිටතට පැතිරේවි.
පලමුව අභ්‍යන්තරයත් දෙවනුව බැහැරත් යන දෙපැත්තම ආලෝකමත් කරන මිනිසාගේ කිතුගොස මුලු රට පුරාම පැතිරේවි.”
දියුණු වෙන ආකාරය ගැන දවසට පැය ගණන් බණ කීවත් වැඩක් නෑ. පලමුව තමන් දියුණු වන්න. දෙවනුව පවුලේ අය දියුණු කරන්න. තම රැකියාව ව්‍යාපාර ආදිය දියුණු කරන්න. රට හදන්න යන්න ඕන සිව්වෙනුවයි. ඒ ආකාරයට හැමෝම වැඩ කරන දාට මුලු රටම දියුණු වේවි.