by Admin
05 Apr, 2026
පිරිසිදු බුදුදහම රැක ගැනීම සහ ව්‍යාප්ත කිරීම.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 8:
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 8:
යමෙකු දුර්ලභ වූ සද්ධර්මයට තම සිතැගි පරිදි යම් යම් දේ එක් කරයි නම් එය වටිනා දියමන්ති මාලයක් වට කර කසල ගොඩක් ගැසීම වැනිය.
සත්‍යාවබෝධයට පියගැට පෙලක් 8: දුගියෙකු සකල ගොඩක් පිරික්සන අතර ඔහුට දියමන්ති මාලයක් හමු විය. දුගියා දියමන්ති මාලය විකුණා පොහොසතෙකු බවට පත් විය. එය ඇසූ බොහෝ පිරිස් ඒ කසල ගොඉ පිරික්සා බැලූ නමුත් වටිනා කියන කිසිවක් හමු නොවීය. කසල ගොඩ පීරද්දී නැගුනු විෂ මුසු වාතයෙන් මුලු ප්‍රදේශයේම මිනිස්සු රෝගී වූහ.
යමෙකු දුර්ලභ වූ සද්ධර්මයට තම සිතැගි පරිදි යම් යම් දේ එක් කරයි නම් එය වටිනා දියමන්ති මාලයක් වට කර කසල ගොඩක් ගැසීම වැනිය.
අද වන විට බුදුදහමට සිදුව ඇති දේ කසල ගොඩේ හැංගූ දියමන්ති මාලයේ කතාවෙන් වටහා ගත හැකිය.
කල්යත්ම බුදුදහමට නානා මතවාද එක්වී හරය සුන්වී යන බව බුදුහු දිව්‍යඥානයෙන් දැන සිටියහ.
ධර්මය විස්තර කරන්නට ගොස් අනවශ්‍ය දේ එක් කිරීම බෙරයක හඩ සුසර කිරීමට ඇණ ගැසීම වැනි ලාමක ක්‍රියාවක් බව ධර්මයේ සදහන්ය.
Nilantha Hettige