by Admin
24 Mar, 2026
සංවාදයට පණිවිඩයක්
“හැකිලීම-ප්‍රසාරණය සහ ඇලවීම-ගැලවීම” කියන කරුණු හතර තමයි ඕනෑම ජයග්‍රහණයක් පරාජයක් දරා සිටින කණු හතර වෙන්නෙ.
“හැකිලීම-ප්‍රසාරණය සහ ඇලවීම-ගැලවීම” කියන කරුණු හතර තමයි ඕනෑම ජයග්‍රහණයක් පරාජයක් දරා සිටින කණු හතර වෙන්නෙ.
මේක කිව්වම සමහරුන්ට හිනා යයි. ජය පරාජය පිලිබද ලොකුම රහස අපි හිතන එකක්වත් නෙවෙයි.
එහෙනම්?
“හැකිලීම-ප්‍රසාරණය සහ ඇලවීම-ගැලවීම” කියන කරුණු හතර තමයි ඕනෑම ජයග්‍රහණයක් පරාජයක් දරා සිටින කණු හතර වෙන්නෙ.
කොහොමද තේරුම් ගන්නෙ?
මේක පුද්ගලයෙක්, ආයතනයක්, සංවිධානයක්, රටක් ආදී ඕනෑම මට්යමකදි නිශ්චිතව බලපාන සත්‍යයක්.
ක්ෂණිකව හැකිලෙන්න ප්‍රසාරණය වෙන්න ඔබේ ආර්ථිකයට පුලුවන්ද? එහෙනම් ඔබ 50% ක් දිනුම්.
උදාහරණයක් විදියට තියෙන වෙලාවට අත දිග ඇරල වියදම් කරන්නයි නැති වෙලාවට මසුරෙකු වෙන්නයි ඔබට පුලුවන්ද? එහෙනම් ඔබ 50% ක් දිනුම්.
හමුදාවක් නම් වෙන රටක් සමග යුද්ධ කරද්දි ක්ෂණිකව ඉදිරියට යන්නයි පරාජය දැනෙන විට ක්ෂණිකව පසුබාන්නයි පුලුවන් නම් ඒ හමුදාව 50% ක් දිනුම පැත්තෙ ඉන්නව.
ඉතුරු 50%?
ඔබට පුලුවන් නම් ක්ෂණිකව සබදතා ඇති කර ගන්න සහ ඒවායෙන් ඉවත් වෙන්න ඔබ ඉතුරු 50 ත් දිනුම්.
උදාහරණ:-
එක්සත් රාජධානිය සියවස් 4 ක් තම අධිරාජ්‍යය රැක ගත්තෙ ඇලවීම සහ ගැලවීම කියන ක්‍රමයට. ඒ කියන්නෙ පුලුපුලුවන් වෙලාවට රටවල් අල්ල ගත්තා. බැරි වෙනකොට ඒ රටවල් වලට නිදහස දුන්නා. 1947 දි ඉන්දියාවට 1948 දි ලංකාවට නිදහස දුන්නෙ වියදම පාලනය කරන්න. අන්තිමට නිදහස දුන්නෙ 1979 හොංකොං වලට. එක්සත් රාජධානිය හිරු නොබසින අධිරාජ්‍යයක් බවට පත් වුනේ ඔය ක්‍රමයට.
ඔය කතාව මට කවුරුවත් කියපු එකක් නෙවෙයි. දැන් ටිකකට කලිනි නිදාගෙන ඉන්දැද්දි හීනෙන් ඇහුන එකක්. අපට ලොව ප්‍රබලම ජාතිය බවට පත් වෙන්න ඔය ටික දැන ගත්තත් ප්‍රමාණවත් කියල මට හිතෙන්නෙ.